Computer Keyboard - යතුරු පුවරුව

පරිගණකයකට දත්ත ඇතුළු කරන උපාංග වලින් ප්‍රධාන උපාංගයකි. Key board එක මගින් පරිගණකයට අක්ෂර(Letters), ඉලක්කම්(Numbers) හා සංකේත(Symbols) ලෙස දත්ත ඇතුළු කල හැක.
බොහෝ Laptop පරිගණක වල භාවිතා වන්නේ පහත ආකාරයේ Qwarty key board එකකි.





සාමාන්‍ය පරිගණක යතුරු පුවරුවක රුපසටහනක් පහත දක්වා ඇත.




  • Function Keys - key board එකේ ඉහලින් පිහිටා ඇති මෙම යතුරු(keys) F1 සිට F12 දක්වා ලෙස keys 12 කි.  විවිධ පරිගණක වැඩසටහන්(Computer Programmes) වල නිතර නිතර භාවිතා වන කාර්යන් සඳහා කෙටි පිවිසුම්(Short Cut Keys) ලෙස ක්‍රියා කරයි.

උදාහරණයක් ලෙස F1 Key එක බොහෝ programme වල උපකාරක (Help) අංගය වෙත
යොමු කරයි. Functin keys වලට අදාළ වැඩි විස්තර සහිත Article එකක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.



  • Control Keys - Tyep කිරීමේදී හා විවිධ Documents වල අමතර පාලනයන් සිදු කිරීමට අදාළ යතුරු කාණ්ඩයයි.
  • Key Pad - Laptop පරිගණක වල බොහෝවිට දක්නට නොලැබෙන මෙම යතුරු මගින් පරිගණකයට ඉලක්කම් සහ විවිධ ගණිත කර්ම ඇතුළු කිරීමට යොදා ගනී. උදා:  + / -* 

  • Wrist Pad - පරිගණක යතුරු පුවරුවට අමතර සවිකරන කොටසක් වන මෙය type කිරීමේදී අත තබා ගැනීමට උපකාර වේ. නමුත් සමහර විශේෂඥයන් විසින් තාර්කිකව පවසන ආකාරයට Wrist Pad එකක් තබා ගැනීම අත් වලට අහිත කර වේ. ඔවුන් පවසන්නේ Type කරන විට අත් වල මැණික් කටුව(Wrist) ප්‍රදේශය ඔසවාගෙන Type කල යුතු බවයි. 
  • Arrow Keys - සතර දිශාවන්ට විහිදුනු ඊ හිස් සහිත මෙම යතුරු මගින් ඉහලට පහලට සහ වමට දකුණට පිහිටීම වෙනස් කිරීම සිදු කරයි.