පරිගණකයකට වින්ඩෝස්(Windows) වැනි Operating System එකක් ස්ථාපනය(Install) කරන්න විවිධ ක්‍රම තියෙනවා. අපි සාමන්යෙන් භාවිතා කරන්නේ CD එකක් හරි DVD එකක් හරි යොදාගෙන වින්ඩෝස් install කරන එක. නමුත් සමහර අවස්ථාවල අපේ පරිගණකයේ DVD Rom උපාංගය නැතිනම් හෝ අකර්මන්‍ය වී ඇතිනම් Windows ස්ථාපනය කරන්න වෙන ක්‍රමයක් යොදා ගන්න වෙනවා...
එක ක්‍රමයක් තමයි අපි එදිනෙදා භාවිතා කරන පෙන් ඩ්‍රයිව්(Pen Drive) එකක් යොදාගෙන Windows install කරන එක. ඒ සඳහා අපට අපේ පෙන් එක බූටබල්(Bootable) pen එකක් විදියට සකසාගන්න ඕන. එහෙම සැකසීමක් නැතුව Windows 7 හෝ Windows 8 DVD වල තියෙන File ටික පෙන් එකට Copy කලාට වැඩක් නැහැ. දැන් අපි බලමු කොහොමද Pen එක Bootable විදියට සකසන්නේ කියලා. ක්‍රම දෙකක් තියෙනවා
01. ISO File එකක් හා "Windows 7 USB/DVD Download Tool" සොෆ්ට්වෙයාර් එක භාවිතා කිරීමෙන්.
ඔබ කලින් නිර්මාණය කරගත් Windows7 හෝ 8 ISO Image එක තියෙන තැන Brows බට්න් එකෙන් තෝරන්න. (ISO Image එක නියමිත ප්‍රමිතීන්ගෙන් යුක්ත විය යුතුයි. එහෙම නැති වුනොත් Error Msg එකක් දිස්වේවි. එවිට වෙනත් ISO File එකක් නිර්මාණය කර නැවත උත්සාහ කරන්න.)
Next Button එක Click කරන්න.
පසුව ලැබෙන මෙනුවෙන් USB Device තෝරන්න.
දැන් අපි භාවිතා කරන Pen Drive එක තෝරන්න ඕන. අපි windows install කරන්න භාවිතා කරන්න හිතන් ඉන්න Pen Drive එකම නිවරදි තොරන්න. (Pen Drive එක හිස්ව තිබිය යුතුයි. Pen එකේ දැනට ඇති File වෙනත් ස්ථානාකට Copy කර ගන්න.)
දැන් "Begin Coping" මත Click කරන්න.
පහත ආකාරයේ Message එකක් දිස් වේවි. එයින් ඔබේ Pen Drive එකෙහි ඉතිරිව පවතින දත්ත මකාදැමීමට අවසර ඉල්ලයි. Erase Disk තෝරන්න.
පසුව ලැබෙන අනෙත් Massege එකහිද "Yes" මත Click කරන්න.
ISO File එකේ ඇති දත්ත පෙන් එකට Copy වනවා දැකිය හැකි වේවි. මේ සඳහා විනාඩි 10 ක් 15 වැනි කාලයක් ගත විය හැකිය.
අවසන් වූ පසු පහත ආකාරයට දිස් වේවි.
එවිට ඔබේ Pen Drive එක Windows 7/8 Bootable Pen Drive එකක් බවට පත් වී ඇත. දැන් එය භාවිතයෙන් ඔබගේ පරිගණකයකට Windows 7 හෝ 8 install කල හැක. ඒ සඳහා ප්‍රථමයෙන් කලයුතු වන්නේ පරිගණකයේ BIOS Menu හි ඇති Boot Order එක වෙනස් කිරීමයි. Boot Order යනු ඔබගේ පරිගණකය start වන විට පරිගණකයට සම්බන්ධ කර ඇති Hard drive, Pen Drive, DVD/ CD Rom, ආදී උපාංග වල ඇති දත්ත කියවන අනුපිළිවෙළයි. එහිදී ප්‍රථමයෙන් හමුවන Bootable Device එක මගින් boot වීම සිදු වේ. එනම් එහි ඇති දත්ත වලට අනුව ක්‍රියාත්මක වීම සිදු වේ.
Boot Order එක වෙනස් කිරීම සඳහා Bios Menu එක ලැබන්නේ ඔබේ පරිගණකය start වන මුලික අවස්ථාවේදී Ctrl+Alt+Del යන key තුන එක වර press කිරීමෙන් හෝ "Del" key එක press කරගෙන සිටීමෙන් හෝ වෙනත් ඔබගේ පරිගණක මාදිලියට අදාළ key එකක් press කිරීමෙන්ය. (ඔබගේ පරිගණක මාදිලියට අදාළ boot menu ලබා ගැනීමේ key board key එක Internet මගින් සොයාගන්න.) බොහෝ පරිඝනක වල Boot Order එක වෙනස් කිරීම සඳහා "F12" key එක Short Cut key එකක් ලෙස සකසා අත.
පහත රුපයට සමාන ආකාරයේ Menu එකක් දිස් වේවි
එහි ඇති Boot Order ලිස්ට් එකෙහි Removable Devices යන්න ඉහලින්ම/ප්‍රථමයෙන් සිටින ලෙස සකසන්න. Removable Device ලෙස Option එකක් නැතිනම් hard Drive List එකේ ඇති ඔබගේ Pen Drive එකට ප්‍රමුඛතාව ලබා දෙන්න. ඒ සඳහා Hard Drive මතට ගොස් Enter Click කරන්න.
දැන් Settings Save කර Restart කරන්න. දැන් ඔබේ පරිගණකයට Windows Install වීම ආරම්භ වේවි. අදාළ තේරීම් සිදුකරමින් දෙමින් ඉදිරියට යන්න.
ඉහත ක්‍රමයට වඩා දෙවන ක්‍රමය තරමක් පහසුවෙන් වෙනත් අමතර software භාවිතයකින් තොරව සිදුකල හැක. අප එය සලකා බලමු.
02. Command Prompt වැඩසටහන භාවිතයෙන්.
මේ ක්‍රමයෙදී කරන්නේ Pen Drive එක විශේෂිත ආකාරයකට Format කරලා Windows Files Pen එකට copy කිරීම.
- පළමුවෙන්ම Pen Drive එක USB Port එකකට සවි කරන්න.
- දැන් command prompt වැඩසටහන Run කරන්න. (Run as Administrator ලෙස ක්‍රියාත්මක කරන්න.)
[Command prompt කියන්නේ අප විසින් ලබා දෙන(Type කරන) විධානයන්ට අනුව පරිඝනකයේ යම් යම් ක්‍රියාකාරකම් සිදු කරන වැඩසටහනක්.]
Command Prompt එක Run කිරීම:
START > ALL PROGRAMS > ACCESSORIES > COMMAND PROMPT > (right click)RUN AS ADMINISTRATOR
හෝ
Start > Search Box එකේ "cmd" කියලා Type කරලා ලැබෙන program එක මත Right Click කරලා 'Run As Administrator 'Click කරන්න.
Command Prompt එක Run කිරීම:
START > ALL PROGRAMS > ACCESSORIES > COMMAND PROMPT > (right click)RUN AS ADMINISTRATOR
හෝ
Start > Search Box එකේ "cmd" කියලා Type කරලා ලැබෙන program එක මත Right Click කරලා 'Run As Administrator 'Click කරන්න.
- දැන් Command Prompt එකේ DISKPART ලෙස Type කරන්න.
- ඊට පසු LIST DISK ලෙස type කරන්න.
- ලැබෙන ලිස්ට් එකෙන් ඔබේ Pen Drive එක තොර ගන්න.(මෙහිදී pen එකේ නම හෝ My Computer හි පෙන්වන අක්ෂරය හෝ දක්නට නොලැබෙන අතර තෝරා ගැනීම සිදු කල යුත්තේ Size යටතේ ඇති pen එකේ ධාරිතාව මගින්ය.)
- දැන් Pen එක select කිරීම සඳහා SELECT DISK 1 ලෙස type කරන්න. (මෙහිදී ඔබගේ Pen Drive එකට අදාළ අංකය තේරීමට මතක තබා ගන්න. Disk 1 ලෙස ඇත්තේ ඉහත උදාහරණයට අනුවයි.)
- දැන් CLEAN ලෙස type කරන්න. එවිට ඔබේ පෙන් එකේ ඇති දත්ත මැකී යාවි.
- CREATE PARTITION PRIMARY ලෙස type කර Enter කරන්න.
- SELECT PARTITION ACTIVE ලෙස type කරන්න.
- FORMAT FS=NTFS ලෙස type කරන්න. (Format වීම සඳහා විනාඩි 10 ක් පමණ ගතවේවි)
- Format වීම අවසන් වූ පසු ASSIGN ලෙස type කර enter කරන්න.
- දැන් command prompt තුල දාවනය වූ disk Part වැඩසටහනින් ඉවත් වීම් සඳහා EXIT ලෙස type කරන්න.
- නමුත් command Prompt වැඩසටහනින් ඉවත් නොවන්න.
දැන් windows 7 හෝ 8 DVD එක පරිඝනකයේ DVD Rom එකට දමා My Computer වෙත ගොස් DVD Rom එකට අදාළ අක්ෂරය හා Pen Drive එකට අදාළ අක්ෂරය/සංකේතය හඳුනා ගන්න.
- දැන් E: CD BOOT ලෙස type කරන්න (මෙහි E යනු DVD Drive එකේ සංකේතය විය යුතුයි.)
- BOOTSECT.EXE/NT60 G ලෙස type කර enter කරන්න. (මෙහි G යනු Pen Drive එකේ සංකේතයයි)
- දැන් command prompt වැඩසටහනින් ඉවත් වී windows7/8 DVD එකේ ඇති Setup File සියල්ල pen එකට copy කරන්න.
ඉහත ලිපිය සම්බන්ධ ගැටළුඇත්නම් Comment එකක් තුල ලියන්න.