Your Computer will Welcome You - ඔබගේ පරිගණකය ඔබ අමතා ඔබව සාදරයෙන් පිළිගැනීමට program කරමු.

පහත සඳහන් වන්නේ සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට කල හැකි සරල ක්‍රියාකාරකමක්. පරිගණකය විසින් අපව ආචාරශීලී ලෙස පිළිගන්නවා නම් එය පරිගණකය සතු විශිෂ්ට ගතිලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම යහළුවන් හෝ වෙනත් පිරිසක් ඉදිරියේදී අපගේ පෞද්ගලික පරිගණකය අපට අචාරශීලී ලෙස ඇමතීම, බලාසිටින අය විමතියට පත් කරන ක්‍රියාවක් විය හැකිය. එවන් වූ අත්දැකීමක් ලබා ගැනීමට පහත සරල ක්‍රියාකාරකම අත්හදා බලන්න.
  • පරිගණකයේ ඇති Notepad වැඩසටහන ක්‍රියාත්මක කරන්න.
(Click on Start > All Programs > Accessories > Notepad හෝ Run dialog Box එකේ Notepad ලෙස type කර ලබා ගන්න.)
  • පහත ඇති Code එක copy කරගෙන notepad එකෙහි Paste කරන්න.

Dim speaks, speech
speaks="Welcome to your PC, Username"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks


  • එම code එකෙහි ඇති Username ලෙස ඇති කොටස ඉවත් කර ඒ වෙනුවට ඔබේ නම type කරන්න.
  • දැන් මෙය save කිරීම සඳහා menu bar එකේ file වෙත ගොස් save As තෝරන්න.


 
welcome.vbs ලෙස File name එක ලබා දෙන්න. ඔබට කැමති නමක් ලබාදිය හැකිය. නමුත් එම නම අගට .vbs යන Extention එක තිබිය යුතුයි.
එහිදී Save as type යන්න ඉදිරියේ All Files තෝරා save කරන්න.


  • දැන් එම save කල file එක සොයාගෙන copy කර ගන්න.

  • ඊට පසු Start > All Programs > Accessories > startup වෙත ගොස් startup යන file එක මත Right click කර open කරගන්න.(windows 7 හා xp සඳහා)  
                                          
ඉහත ක්‍රමය Windows 8 හෝ Windows 8.1 සඳහා යොදාගත නොහැක. ඒ සඳහා පහත ඇති Address  එක copy කරගෙන windows Explorer මගින් Startup file එක වෙත යන්න. 

   C:\Users\{User-Name}\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup 
 (මෙහි {User-Name}වෙනුවට ඔබගේ User-Name එක භාවිතා කරන්න.)
                                                         

  • එසේ විවෘත්ත කරගත් startup folder එක තුල copy කරගත් file එක  paste කරන්න.
  • දැන් එම window එක close කර පරිගණකය restart කර සවන්දෙන්න.
    • ඔබේ පරිගණකය ඔබේ නම සමඟ පිළිගනු ඔබට ඇසේවි.
    • start වන විට ඇසෙන windows system එකට අදාළ වෙනත් ශබ්ද සමඟ මිශ්‍රවී ඇසේනම් පහත ලින්ක් එකෙන් ගොස් එහි විස්තර කර ඇති ආකාරයට "windows sound" අක්‍රිය කරගන්න.
       Disable sound schemes - අනවශ්‍ය ශබ්ද පැනනැගීම ඉවත් කිරීම.