Create a password for a folder without any software- ෆෝල්ඩර් වලට Password එකක් යොදමු.

 අපගේ පරිගණක වල ඇති පෞද්ගලික තොරතුරු අඩංගු File හෝ Folder යහළුවන් හෝ පරිගණකය භාවිතා කරන වෙනත් අයගෙන් සඟවා තබා ගැනීමට බොහෝ දෙනා බලාපොරොත්තු වේ. බොහෝ විට ඒ සඳහා Windows වල ඇති Hidden Option එක ප්‍රමාණවත් නොවේ.
ඒ නිසා බොහෝ දෙනා Folder වලට Lock එකක් දීම සඳහා Software එකක් සොයා ගැනීමට උත්සාහ කරයි. එසේ software එකක් නොමැතිව password එකක් සහිත Folder එකක් නිර්මාණය කරගත හැකි සරල ක්‍රමයක් මෙහිදී විස්තර කෙරේ. පහත පියවර අනුගමනය කරන්න.
  1. Note Pad වැඩසටහන Open කර පහත දැක්වෙන Code එක Copy කර note pad එකෙහි Paste කරන්න.
cls
@ECHO OFF
title viki Tricks
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo Are you sure to lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if NOT %pass%== vikitricks goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End


(ඉහත Code එකේ vikitricks ලෙස ඇත්තේ Lock කිරීම සඳහා භාවිතා කරන password එකයි. එය වෙනස් කිරීම සඳහා vikitricks වෙනුවට ඔබට අවශ්‍ය password එකක් එම ස්ථානයේ type කල හැකිය. එසේ type කිරීමේදී වෙනත් කිසිඳු වෙනස් කමක් සිදු නොවන ආකාරයට එම වචනය පමණක් වෙනස් කිරීමට වග බලාගන්න.)

  • දැන් Note Pad ෆයිල් එක 'Lock.bat' ලෙස Save කරන්න. (Save type as ඉදිරියේ  All Files ලෙස සැකසීමට මතක තබා ගන්න)

  • File එක Save කල ස්ථානය මතක තබා ගන්න. දැන් එම file එක සොයාගෙන ඒ මත Double Click කරන්න.  එවිට My Folder යන නමින් නව Folder එකක් නිර්මාණය වේවි. දැන් ඔබගේ සැඟවීමට අවශ්‍ය file සහ Folder සියල්ල එම My Folder තුලට paste කර ගන්න.
  • My Folder එක Lock කිරීම සඳහා අප නිර්මාණය කල lock.bat ලෙස නම් කල File එක මත Click කරන්න.
  • එවිට command prompt වැඩසටහන open වී Folder එක lock කිරීමට අවසර ඉල්ලයි. ඒ සඳහා  Y ලෙස type කර enter කරන්න.
  • දැන් My Folder එක නොපෙනී යාවි. සමහර විට වෙනත් තාවකාලික folder එකක් නිර්මාණය වේවි. ඔබ සිටින window එක Refresh කල විට එය නොපෙනී යාවි.
  • නැවත My Folder වෙත පිවිසීම සඳහා  lock.bat ෆයිල් එක මතම Click කරන්න. පහත පරිදි password එක type කර enter කරන්න. එවිට නැවත  My Folder ෆයිල් එක දිස් වේවි.
ඔබට ඔබ වෙනස් කල password එක අමතක වුවහොත් lock.bat ෆයිල් එක මත Right Click කර Edit
click කරන්න. එවිට් note pad එක සමඟ එය විවර වේවි. එහි ඇති password එක සොයාගන්න.