Top keyboard shortcuts - අප දැනගත යුතුම keyboard shortcuts.

eyboard shortcut එකක් කියන්නේ windows වල හෝ වෙනත් Software එකක විවිධ කාර්යන් Mouse එක භාවිතා නොකර key board එක මගින් පහසුවෙන් සිදු කිරීමට භාවිතා කල හැකි කෙටි ක්‍රම වලටයි. උදාහරණ ලෙස type කර ඇති යමක් select කිරීම, copy කිරීම, Cut කිරීම, paste කිරීම ආදී බොහෝ කාර්යන් Mouse එක භාවිතයකින් තොරව keyboard shortcut මගින් කරගත හැකිය.
අප එදිනෙදා පරිඝනකය භාවිතා කරන විට keyboard shortcuts භාවිතා කිරීමට හුරු වනවා නම් අපගේ කාර්යන් ඉතා පහසුවෙන් හා වේගවත්ව සිදුකරගත හැකි වනවා. බොහෝසෙයින් කාලයද ඉතිරි කරගත හැකි වනවා. නමුත් වැඩි පිරිසක්, දැනුවත්ව හෝ නොදැනුවත්ව keyboard shortcuts භාවිතා කරන්නේ නැහැ. පහතින් දක්වා ඇති keyboard shortcuts මතක තබාගෙන භාවිතයට හුරු වන්න ඔබේ කාර්යන් ඉක්මනින් හා පහසුවෙන් සිදු කරගත හැකි වේවි.

 අප දැනගත යුතුම keyboard shortcuts.....
  • Select All - සියල්ල select කිරීම.
                           Ctrl + A  ("Ctrl" key එක සමඟ "A" key එක එකවර press කිරීම මගින් සම්පුර්ණ Document එකම Select කරගත හැකිය.)
  • Copy Selected - Select කර ඇති කොටසක් copy කිරීම.
                          Ctrl + C හෝ Ctrl + Insert
  • Paste Copied - copy කර ගත් කොටසක් paste කිරීම.
                          Ctrl + V හෝ Shift + Insert
  • Undo - පියවරක් ආපස්සට ගැනීම.
                          Ctrl + Z 
  • Redo - ආපස්සට ඇත පියවරක් නැවත ඉදිරියට ගැනීම.
                        Ctrl + Y
  • Find Option - ඕනෑම වැඩසටහනක(softwear එකක) යම් කිසි දෙයක් සොයා
     ගැනීමට ඇති "Find" Option එක වෙත පිවිසීමට
                       Ctrl + F
  • Switch Between Open Programms - ක්‍රියාත්මක වන වැඩසටහන් එකින් එකට මාරු වීමට.
                      Alt + Tab  - Alt key එක press කරගෙන Tab key එක කිහිප වරක් press කරමින් අවශ්‍ය window එක තෝරාගන්න.
  • Delete A word - වචනය බැගින් Delete කිරීමට
                       Ctrl + Back space - සාමාන්‍යයෙන් Back space key එක එක් වරකට එක අක්ෂරය බැගින් Delete කරයි. නමුත් Ctrl සමඟ Back space එක භාවිතා කිරීමෙන් වචනය බැගින් Delete කල හැකිය.
  • Move the cursor one word at a time - Cursor එක වචනයකින් වමට හෝ දකුණට ගමන් කරවීමට
සාමාන්‍යයෙන්  Arrow key මගින් එක් වරකට එක අක්ෂරය බැගින්  දකුණට හෝ වමට cursor එක ගමන් කරවයි. නමුත් Ctrl key එක සමඟ Arrow key press කිරීමන් Cursor එක වමට හෝ දකුණට
වචනයකින් එහාට පැන් විය හැකිය.

  • Save - ලිපියක්(Document) හෝ වෙනත් file එකක් save කිරීමට.
                      Ctrl + S - සෑම වැඩසටහනකම පාහේ ක්‍රියාත්මක වන මෙම shortcut එක භාවිතා
  කර ඔබ කරමින් සිටින කාර්ය පරිඝනකය තුල save කරගත හැකිය.
  • Move the cursor to the beginning of the document and end of a document - පිටුවක මුලට හෝ අගට cursor එක ගෙනයාම සඳහා.
                   Ctrl + Home හෝ Ctrl + End
  • Print - ලිපියක් හෝ පිටුවක් ප්‍රින්ට් කිරීම සඳහා
                 Ctrl + P - ඔබ සකසමින් සිටින ලිපිය හෝ පිටුව ප්‍රින්ට් කරගැනීම සඳහා සරලව භාවිතා කල හැක.(මේ මොහොතේ  Ctrl + P  press කර බලන්න. ඔබ සිටින මෙම web පිටුව ප්‍රින්ට් කර ගැනීමට
Print Preview එක open වේවි.
  • Page Up and Page Down -  Key Board එකේ ඇති "Page Up" හා "Page Down "key මගින්පිටුවක් ඉහලට හෝ පහලට ගමන්කළ හැකිය.