අප පරිගණකයක් මිලදීගත් අවස්ථාවේදී පවතින වේගය සහ ක්‍රියාකාරිත්වය කාලයක් එය පරිහරණය කරන විට අඩු වී යනවා. windows 7 windows 8 , 8.1 හෝ windows Xp යන Operating System භාවිතා වන පරිගණක වල ඒ සඳහා බොහෝවිට හේතු වන්නේ පරිගණකයට වයිරස් ඇතුළු වීම, විවිධ වූ Software වැඩි වශයෙන් install කර තිබීම, නිවැරදිව පරිහරණය නොකිරීම වැනි විවිධ වූ හෙතූන්ය.
කෙසේ වෙතත් ඔපරේටින් සිස්ටම්(Operating System) එක නැවත ස්ථාපනය(Reinstall) කිරීම මගින් පරිගණකය මුල් ආකාරයට ගතහැකි වුවත් එවිට අපගේ අත්‍යවශ්‍ය දත්ත සහ වැඩසටහන්(software) සියල්ල අහිමි වීම ගැටලුවකි. එය එසේ වීමට නොදී පරිගණකය දැනට පවතින තත්වයට වඩා කාර්යක්ෂම තත්වයකට පත්කර ගැනීම සඳහා පහත ක්‍රමවේදයන් යොදාගත හැකි වනවා.- Removing Virus - වයිරස් ඉවත් කිරීම.
- Do not run multiple antivirus programs - වයිරස් ගාර්ඩ් වැඩසටහන් එකකට වඩා භාවිතා නොකිරීම.
- Remove unused and unnecessary programs - භාවිතයට නොගැනෙන අනවශ්‍ය වැඩසටහන් ඉවත් කිරීම.
- Replace your programs by faster alternatives - එදිනෙදා භාවිතා කරන software වෙනුවට වෙනත් සරල software භාවිතා කිරීම.
- Disable unnecessary start-up programs - අනවශ්‍ය start-up programs අක්‍රිය කිරීම.
- Check the hard drive for errors - දෘඩ තැටියෙ(Hard Drive) හි දෝෂ නිවැරදි කිරීම.
- Always Keep enough free space - දෘඩ තැටියෙ(hard disk)හි යම්කිසි ප්‍රමාණක් හිස්ව තබාගැනීම.
- Repair damaged corrupted Windows system files - හානි වී ඇති windows System Files ප්‍රතිස්ථාපනය කිරීම.
- Disable unnecessary visual effects - අනවශ්‍ය දෘශ්‍ය අංග ඉවත් කිරීම.
- Disable sound schemes - අනවශ්‍ය ශබ්ද පැනනැගීම ඉවත් කිරීම.
- windows Registry Cleaning සොෆ්ට් වෙයාර් එකක් භාවිතා කිරීම.
- Delete Temporary Files - තාවකාලික file මකා දැමීම.
- Check if your computer is overheating - පරිගණකය අනවශ්‍ය ලෙස රත් වනන්නේද යන්න පරීකෂා කිරීම.
- Hard Dirve එක Defragment කිරීම.
Removing Virus - වයිරස් ඉවත් කිරීම.
ඔබ කවර දිනක හෝ වයිරස් සහිත පරිගණකයක් භාවිතා කර ඇත්නම් වයිරස් මගින් පරිගණකයේ වේගය කොතරම් අඩුවනවාද යන්න හොඳින් අත්විඳ ඇතිවාට සැකයක් නැත. මෙයට හේතුව වන්නේ බොහෝ Virus සහ Mal ware සකසා ඇත්තේ පරිගණකයේ වේගය අඩු කිරීම සහ ප්‍රතිචාර නොදක්වා හිරවීම(Stucking) අරමුණු කරගෙනයි.
මේ සඳහා අප කල යුතු වන්නේ වයිරස් ගාර්ඩ් එක මගින් hard drive එක සම්පුර්ණයෙන් scan කිරීමයි. එහිදී වයිරස් ගාර්ඩ් එකෙහි ඇති Quick Scan හා Full Scan යන Option දෙකෙන් Full Scan තේරීම වැදගත් වනවා. Scan කලපසු පරිගණකය පරිහරණය කිරීමේදී වයිරස් ආසාදනය හා පැතිරීම වලක්වන ක්‍රියාමාර්ග(Tips to Prevent and Spread of Computer Virus) අනුගමනය කිරීම වැදගත් වනවා.
windows සමගම පැමිණෙන අනවශ්‍ය වැඩසටහන්ද අක්‍රිය කිරීම වැදගත් වේ. එවිට Operating System එක සැහැල්ලු එකක් බවට පත්වේවි. මේ සඳහා Control Panel හි ඇති Programs and Features වෙත ගොස් වම්පස ඇති Turn Windows Features on off යන ලින්ක් එක මත click කරන්න. ලැබෙන ලිස්ට් එකෙන් අනවශ්‍ය වැඩසටහන් ඉදිරියේ ඇති Check Box එක හිස්ව තබන්න.
windows 7 නම් start menu එකෙහි හෝ windows 8 හෝ 8.1 නම් start screen එකෙහි ඇති Search Programs and Files මත msconfig ලෙස type කර enter කරන්න.(windows Xp නම් Run යන Dialog box එකෙහි msconfig ලෙස type කරන්න.)
ඔබගේ පරිගණකයේ වේගය, Ram ධාරිතාව සහ CPU Speed එක මගින් පමණක් තීරණය වන්නක් නොවේ. ඔබගේ hard drive එකෙහි ධාරිතාවෙන් 95 % කට වැඩි ප්‍රමාණයක් පිරී ඇත්නම් පරිගණකයේ වේගය අඩාල විය හැකිය. එසේ වන්නේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන විට තාවකාලිකව විවිධ File වර්ග(swap files,temporary files) නිර්මාණය කර hard drive එක මත ක්‍රියාත්මක වන බැවිනි. බොහෝ විට Ram එකෙහි ඉඩ ප්‍රමාණවත් නොවන අවස්ථා වලදී hard drive එකෙහි යම් කිසි ඉඩ ප්‍රමාණයක් Ram එකක් ලෙස භාවිතයට ගනියි. එය Virtual Memory ලෙස හඳුන්වයි. මෙම Virtual Memory සඳහා අවශ්‍ය ප්‍රමාණයට hard drive එකෙහි ඉඩ ප්‍රමාණයක් තිබිය යුතුය. එම නිසා අනවශ්‍ය දත්ත ඉවත් කර යම් කිසි ඉඩ ප්‍රමාණයක් හිස්ව තබා ගැනීම වැදගත් වේ. මේ සඳහා අමතර විසඳුම ලෙස පෙන් drive එකක් Ram එකක ආකාරයෙන් භාවිතා කිරීම(Useing a Pen Drive as a Ram) සිදු කල හැක. හැක. එහිදී සිදු වන්නේ virtual Memory සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය පෙන් drive එකෙන් ලබා ගැනීමයි. තවද hard drive හි දත්ත පිරී ඇති විට යම්කිසි විශේෂිත දත්තයක් සොයාගැනීමට ගතවන කාලයද වැඩි වේ.
windows වල ඇති අනවශ්‍ය දෘශ්‍ය අංග එනම් සෙවනැලි, Animations, Fade in, Fade out වැනි විශේෂාංග ඉවත් කිරීම මගින් පරිගණකයේ වේගවත් බව වැඩි කර ගත හැකිය. ඔබට අවශ්‍ය ප්‍රමාණයට එම අංගයන් තබගෙන අනවශ්‍ය ඒවා ඉවත් කරගන්න. පහත පියවර අනුගමනය කරන්න.
1) Windows Key+R යන key Press කර Run dialog box එක විවර කර ගන්න.
2) එහි sysdm.cpl ලෙස type කර enter කරන්න.
3) ලැබෙන window එකේ Advanced ටැබ් එක මත click කර Performance section එකෙහි Settings මත click කරන්න.
4) දැන් ලැබෙන window එකෙන් ඔබට අවශ්‍ය visual effects පමණක් ඉතිරි වන පරිදි සකසා Apply කරන්න.
windows හි යම්කිසි ක්‍රියාකාරකමක් සිදු කරන විට එයට අදාළ ශබ්දයක් පැනනැගීම සාමාන්යෙන් සිදු වෙයි. උදාහරණයක් ලෙස windows හි desktop background එක මාරු වන විට මතුවන ශබ්දය වැනි ශබ්ද ගත හැකිය. මෙම ශබ්දයන් පැනනැගීමේ ක්‍රියාවද පරිගණකයේ වේගයට යම් ප්‍රමාණයකට බලපායි. එය පරිගණකය භාවිතා කරන්නාට මිහිරි අද්දැකීමක් සපයනවා විය හැකිය. නමුත් ඔබට අවශ්‍යනම් මෙම ශබ්දයක් පැනනැගීමේ අංගය නතර කල හැක. ඒ සඳහා පහත පිළිවෙල අනුගමනය කරන්න.

Do not run multiple antivirus programs - වයිරස් ගාර්ඩ් වැඩසටහන් එකකට වඩා භාවිතා නොකරන්න.
Remove unused and unnecessary programs - භාවිතයට නොගැනෙන අනවශ්‍ය වැඩසටහන් ඉවත් කිරීම.
windows සමගම පැමිණෙන අනවශ්‍ය වැඩසටහන්ද අක්‍රිය කිරීම වැදගත් වේ. එවිට Operating System එක සැහැල්ලු එකක් බවට පත්වේවි. මේ සඳහා Control Panel හි ඇති Programs and Features වෙත ගොස් වම්පස ඇති Turn Windows Features on off යන ලින්ක් එක මත click කරන්න. ලැබෙන ලිස්ට් එකෙන් අනවශ්‍ය වැඩසටහන් ඉදිරියේ ඇති Check Box එක හිස්ව තබන්න.
Replace your programs by faster alternatives - එදිනෙදා භාවිතා කරන software වෙනුවට වෙනත් සරල software භාවිතා කිරීම.
- දැනට පවතින Virus Guard එක වෙනුවට Microsoft Security Essentials වැඩසටහන භාවිතා කල හැකිය. එය සැහැල්ලු එහෙත් ඉහල තත්වයකින් පරිගණකය ආරක්ෂා කරන වැඩසටහනකි.
- Microsoft Office Package එක වෙනුවට Open Office Package එක හෝ King soft Office භාවිතා කිරීම.
- Adobe Reader වෙනුවට Foxit Reader වැඩසටහන භාවිතා කිරීම.
- Internet Explorer වෙනුවට Mozilla Firefox හෝ Google Chrome භාවිතා කිරීම.
Disable unnecessary start-up programs - අනවශ්‍ය start-up programs අක්‍රිය කිරීම.
windows 7 නම් start menu එකෙහි හෝ windows 8 හෝ 8.1 නම් start screen එකෙහි ඇති Search Programs and Files මත msconfig ලෙස type කර enter කරන්න.(windows Xp නම් Run යන Dialog box එකෙහි msconfig ලෙස type කරන්න.)
ලැබෙන Pregame එක මත Double Click කරන්න. එවිට පහත ආකාරයේ window එකක් ලැබේවි. එහි ඇති Start up ටැබ් එක මත click කර අනවශ්‍ය programs අක්‍රිය කරන්න.
එසේ අක්‍රිය කිරීමේදී වයිරස් ගාර්ඩ් එක අක්‍රිය නොකිරීමට තරයේ වගබලා ගන්න. දැන් පරිගණකය Restart කරන්න.
Check the hard drive for errors - දෘඩ තැටියෙ(Hard Drive) හි දෝෂ නිවැරදි කිරීම.
- Command Prompt වැඩසටහන Run කරන්න. (Run As Administrator ලෙස ran කල යුතුය.)
- එහි chkdsk /r ලෙස type කර enter කරන්න.
- එවිට Restart කිරීම සඳහා විමසාවි. Restart කිරීම සඳහා y ලෙස type කර enter කරන්න.
- සමහර අවස්ථාවන් වල දී පහත ආකාරයේ Massage එකක් දිස්විය හැකිය. එයටද Y ලෙස ප්‍රතිචාර දක්වන්න.(එවිට ඔබ නැවත පරිගණකය ක්‍රියාත්මක කරන අවස්ථාවේ Disk Check වැඩසටහන ක්‍රියාත්මක වී hard disk එක පිරික්සා බලාවි.)
- hard drive එකේ Size එක අනුව ක්‍රියාවලිය සඳහා කාලයක් ගතවිය හැකිය.
Always Keep enough free space - දෘඩ තැටියෙ(hard disk)හි යම්කිසි ප්‍රමාණක් හිස්ව තබාගැනීම.
ඔබගේ පරිගණකයේ වේගය, Ram ධාරිතාව සහ CPU Speed එක මගින් පමණක් තීරණය වන්නක් නොවේ. ඔබගේ hard drive එකෙහි ධාරිතාවෙන් 95 % කට වැඩි ප්‍රමාණයක් පිරී ඇත්නම් පරිගණකයේ වේගය අඩාල විය හැකිය. එසේ වන්නේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන විට තාවකාලිකව විවිධ File වර්ග(swap files,temporary files) නිර්මාණය කර hard drive එක මත ක්‍රියාත්මක වන බැවිනි. බොහෝ විට Ram එකෙහි ඉඩ ප්‍රමාණවත් නොවන අවස්ථා වලදී hard drive එකෙහි යම් කිසි ඉඩ ප්‍රමාණයක් Ram එකක් ලෙස භාවිතයට ගනියි. එය Virtual Memory ලෙස හඳුන්වයි. මෙම Virtual Memory සඳහා අවශ්‍ය ප්‍රමාණයට hard drive එකෙහි ඉඩ ප්‍රමාණයක් තිබිය යුතුය. එම නිසා අනවශ්‍ය දත්ත ඉවත් කර යම් කිසි ඉඩ ප්‍රමාණයක් හිස්ව තබා ගැනීම වැදගත් වේ. මේ සඳහා අමතර විසඳුම ලෙස පෙන් drive එකක් Ram එකක ආකාරයෙන් භාවිතා කිරීම(Useing a Pen Drive as a Ram) සිදු කල හැක. හැක. එහිදී සිදු වන්නේ virtual Memory සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය පෙන් drive එකෙන් ලබා ගැනීමයි. තවද hard drive හි දත්ත පිරී ඇති විට යම්කිසි විශේෂිත දත්තයක් සොයාගැනීමට ගතවන කාලයද වැඩි වේ.
Repair damaged corrupted Windows system files - හානි වී ඇති windows System Files ප්‍රතිස්ථාපනය කිරීම.
- command prompt වැඩසටහන Run As Administrator යටතේ open කර ගන්න.
- දැන් sfc/scannow ලෙස type කර enter කරන්න.
- මේ සඳහා විනාඩි 15 ක් පමණ ගතවිය හැකිය.
Disable unnecessary visual effects - අනවශ්‍ය දෘශ්‍ය අංග ඉවත් කිරීම.
windows වල ඇති අනවශ්‍ය දෘශ්‍ය අංග එනම් සෙවනැලි, Animations, Fade in, Fade out වැනි විශේෂාංග ඉවත් කිරීම මගින් පරිගණකයේ වේගවත් බව වැඩි කර ගත හැකිය. ඔබට අවශ්‍ය ප්‍රමාණයට එම අංගයන් තබගෙන අනවශ්‍ය ඒවා ඉවත් කරගන්න. පහත පියවර අනුගමනය කරන්න.
1) Windows Key+R යන key Press කර Run dialog box එක විවර කර ගන්න.
2) එහි sysdm.cpl ලෙස type කර enter කරන්න.
3) ලැබෙන window එකේ Advanced ටැබ් එක මත click කර Performance section එකෙහි Settings මත click කරන්න.
4) දැන් ලැබෙන window එකෙන් ඔබට අවශ්‍ය visual effects පමණක් ඉතිරි වන පරිදි සකසා Apply කරන්න.
Disable sound schemes - අනවශ්‍ය ශබ්ද පැනනැගීම ඉවත් කිරීම.
windows හි යම්කිසි ක්‍රියාකාරකමක් සිදු කරන විට එයට අදාළ ශබ්දයක් පැනනැගීම සාමාන්යෙන් සිදු වෙයි. උදාහරණයක් ලෙස windows හි desktop background එක මාරු වන විට මතුවන ශබ්දය වැනි ශබ්ද ගත හැකිය. මෙම ශබ්දයන් පැනනැගීමේ ක්‍රියාවද පරිගණකයේ වේගයට යම් ප්‍රමාණයකට බලපායි. එය පරිගණකය භාවිතා කරන්නාට මිහිරි අද්දැකීමක් සපයනවා විය හැකිය. නමුත් ඔබට අවශ්‍යනම් මෙම ශබ්දයක් පැනනැගීමේ අංගය නතර කල හැක. ඒ සඳහා පහත පිළිවෙල අනුගමනය කරන්න.
- "windows" key එක සහ "R" key එක press කරන්න.
- දැන් ලැබෙන "Run" Dialog Box එකෙහි mmsys.cpl ලෙස type කර enter කරන්න.
- ලැබෙන window එකෙහි "Sound" ටැබ් එකට යන්න. එහි ඇති Sounds scheme යටතේ ඇති ලිස්ට් එකෙන් "No Sounds" යන්න තෝරා Apply කරන්න.
windows Registry Cleaning සොෆ්ට් වෙයාර් එකක් භාවිතා කිරීම.
windows Registry එක ලෙස හඳුන්වන්නේ පරිගණකයට install කර ඇති සියලුම Software සහ සක්‍රිය system files පිලිබඳ තොරතුරු ඇතුලත්ව පවතින ස්ථානයයි. අප පරිගණකයට විවිධ software install කර නැවත uninstall කරන විට සහ වෙනත් හේතුන් නිසා මෙම windows Registry එකෙහි අනවශ්‍ය file ඉතිරි වී ගොඩගැසී තිබිය හැක. එවිට windows Registry එකෙහි දත්ත ලබාගැනීම අපහසු වේ. එය පරිගණකයේ වේගයට බලපායි. Registry Cleaner Software එකක් භාවිතා කර Registry එකෙහි ඇති අනවශ්‍ය file ඉවත්කළ හැක. විවිධ Registry Cleaner Software අන්තර් ජලයෙන් ලබා ගත හැකි අතර tuneup utilities වැනි software කට්ටලයන්ගේද එම අංගය ඇතුලත්ව ඇත.
Delete Temporary Files - තාවකාලික file මකා දැමීම.
- ඒ සඳහා windows key එක සහ R key එක එකවර press කර Run menu එක ලබාගන්න.cleanmgr.exe ලෙස type කර enter කරන්න.
- ලැබෙන window එකෙන් hard drive එකේ 'C' Partition එක තෝරන්න. ඔබගේ windows ඔපරේටින්ග් සිස්ටම් එක install කර ඇති partition එක තෝරන්න)
- ok කරන්න. එවිට පහත ආකාරයේ පරිගණකය තුල ඇති තාවකාලික file වර්ග ලිස්ට් එකක් ලැබේවි.
එහි ඇති අවශ්‍ය නොවන file වර්ග තෝරා OK කරන්න. අනවශ්‍ය තාවකාලික file මැකී යාවි.
Check if your computer is overheating - පරිගණකය අනවශ්‍ය ලෙස රත් වනන්නේද යන්න පරීකෂා කරන්න.
Hard Drive එක Defragment කිරීම.
මෙය Fragmentation ලෙස හඳුන්වයි. එසේ කොටස් ලෙස තැන්පත් වූ විට නැවත එම file එක ලබාගැනීමේදී hard drive එකෙහි head එකට එය සොයාගැනීමට කාලයක් ගතවේ. මෙය වලක්වා ගැනීමට නම් එක් file එකකට අදාළ කොටස් එක ස්ථානයක සිටින සේ සැකසිය යුතුය. එසේ සැකසීම Defragment කිරීම ලෙස හඳුන්වයි. ඔබගේ hard drive එක Defragment කිරීම සඳහා Windows Disk Defragmenter utility යන යෙදුම භාවිතා කල හැක.
windows 8 හෝ 8.1 හි නම් Start Screen එකෙහි Disk Defragmenter utility ලෙස Search කිරීම මගින් හෝ windows 7 Vista හෝ windows XP නම් Start > Programs > Accessories > System Tools > disk Defragment ලෙස ගොස් එම tool එක ලබාගත හැකය.