Find Out Viruses - වයිරස් හඳුනා ගැනීම.
ඔබේ පරිගණකයට වයිරස් අසාදනය වී ඇත්නම් ,
- පරිගණකයේ සාමාන්‍ය තත්වයට වඩා බොහෝ සෙයින් වේගය අඩු වීම.
- file මැකීයාම.
- folder වල පෙනුම එලෙසින්ම පැවතුනද file type එක .Exe ලෙස පැවතීම.
- file විවෘත්ත කල නොහැකි වීම.
- වැඩසටහන් ක්‍රියාත්මක කල නොහැකි වීම.
- විවිධ menu සහ විවිධ සරල වැඩසටහන් අක්‍රිය වීම.
- CTRL + ALT + DEL යන විධානයන් ක්‍රියාත්මක නොවීම.
- system Configuration ක්‍රියාත්මක නොවීම.
- පරිගණකය තුල ඇති folder වෙනුවට virus files ආදේශ වීම.
- Folder Options, Menu Tools වැනි අංග නැති වී යාම.
- පරිගණකය නිතර නිතර crash වීම.
- Hard drive එකට හෝ pen Drive වලට පිවිසීමට නොහැකි වීම.
- විවිධ වූ error messages පැනනැගීම.
02. Auto Run/ Auto Play අංගය ඉවත් කිරීම.
ඔබගේ පරිගණකයට Pen drive එකක් හෝ CD එකක් සම්බන්ධ කල විට එහි ඇති දත්ත කියවා Video, Audio හෝ වෙනත් install කල හැකි Software එකක් හෝ ඇත්නම් ඒවා ක්‍රියාත්මක කරවීම Auto Run/ Auto Play මගින් සිදු කරයි. එසේ දත්ත කියවීමේදී ඔබ සම්බන්ධ කල Pen drive එකේ CD එකේ හෝ වෙනත් යම් කිසි උපාංගයක ඇති වයිරස් පරිගණකය වෙත ඔබ නොදැනුවත්වම ඇතුල් විය හැක. මෙය පරිගණකයේ ආරක්ෂාවට බාධාවකි. මෙම අංගය අක්‍රිය කිරීම තුලින් එම අවදානම අවම කල හැකිය.
Auto Run/ Auto Play අක්‍රිය කිරීම.
Start Button එක click කරන්න. start Search Box එකේ Gpedit.msc ලෙස type කර ENTER කරන්න. (windows 8 හෝ 8.1 නම් start screen එකෙහි Search Box එකෙහි එලෙස type කරන්න)ලැබෙන වැඩසටහන මත click කර Run කරන්න. (Administrator password එක විමසුව හොත් ලබා දෙන්න)
ලැබෙන window එකෙහි Computer Configuration, මත double-click කර Administrative Templates යන්න වෙත ගොස් ඒ තුල ඇති Windows Components වෙත ගොස් එහි ඇති Auto play Policies යන්න මත double-click කරන්න.
දැන් එහි ඇති Turn off Auto play මත double-click කරන්න.
ලැබෙන window එකෙහි Enabled ඉදිරියේ Click කර " Turn off Auto play on: " ඉදිරියේ All drives තෝරන්න. දැන් Apply කර OK කරන්න.
ඉහත අකාරයටම Auto Run අක්‍රිය කිරීම සඳහා Auto play Policies තුල ඇති Default Behavior for Auto Run මත double-click කරන්න.
ලැබෙන window එකේ Enabled ඉදිරියේ click කර Default Autorun behavior box එකෙහි Do not execute any autorun commands යන්න තොරන්න. දැන් Apply කර OK කරන්න.
ඊට පසු restart කරන්න.
Read More
03. Virus Guard - වයිරස් ගාර්ඩ් වැඩසටහනක් භාවිතා කිරීම.
පරිගණකයක Virus Guard වැඩසටහනක් භාවිතා කිරීම වයිරස් වලින් ආරක්ෂා වීමට ප්‍රධාන වශයෙන් භාවිතා කරන ක්‍රමයයි. ඔබේ පරිගණකයට Virus Guard එකක් නොමැති නම් ගැලපෙන Virus Guard වැඩසටහනක් භාවිතයට ගන්න. Virus Guard එකක් භාවිතයේදී පහත කරුණු සැලකිල්ලට ගන්න.- කිසිඳු විටක Virus Guard වැඩසටහන අක්‍රිය කර නොතැබීමට වගබලා ගන්න.
- Virus Guard එකෙහි virus definitions නිතර Up date කර තබා ගන්න. එය Auto Update වන ආකාරයට සකසා තබාගන්න.(Do you want to update now? ලෙස Virus Guard එකෙන් ලැබෙන Massage එක නොසලකා හැරීමෙන් වලකින්න.)
- මසකට වරක් වත් පරිගණකය Scan කරන්න. (Full Scan එකක් කරන්න)
- පරිගණකය ඇති දත්ත Back Up කර වෙනත් පරිගනකයක හෝ CD එකක තබා ගන්න.
- මාස දෙකකට් වරක් වත් පරිගණකය Safe Mode යටතේ ක්‍රියාත්මක කර Full Scan එකක් කරන්න.